ධනය නිර්මාණයකිරීම ගැන අප විශ්වාස කරන්නෙමු

ධනය නිර්මාණය කිරීම හා ධනය නිර්මාණය කරන මාර්ගයන් තුළ ස්ථීරව පැවතීමේ ස්වයං විශ්වාසය මෙන්ම ධනය නිර්මාණයෙන් තම ආ‍රම්භක ශෛලීයන්ගෙන් අයිඩියල් ෆිනෑන්ස් සමාගම තවමත් නොසෙල්වී සිටින්නේ ජනතාව අතර සෑම සංවර්ධන මානයක් තුළම ස්ථාවරත්වය පැතිරවීමට තරම් ප්‍රබල මූල්‍යමය ක්ෂේත්‍රයක් ඔවුන් සතු වන බැවිනි. අඩු අදායම් ලාභීන් හට හා කුඩා හා මධ්‍යම ව්‍යාපාර සඳහා මුදල් යෙදවීම, ආන්තික වෙළඳාම, ආයෝජන ඉතුරුම්, සුරැකුම් පත්, කල්බදු සේවා හා කුලී පිට ගැනුම්, වැනි පුළුල් හා ව්‍යාප්ත වූ මුල්‍යමය සේවාවන් හා නිපැයුම් පෙළකින් අයිඩියල් ෆිනෑන්ස්හි ඉලක්කය වන්නේ ස්ථාවර මුල්‍යමය සංවර්ධනයක් සඳහා යෝග්‍ය වාතාවරණයක් සැකසීමය.

අයිඩියල් ෆිනෑන්ස් සමාගම ශ්‍රී ලංකා මහබැංකුවේ නීති රෙගුලාසීන්ට යටත්ව ලියාපදිංචිවූ සමාගමක් වන අතර දුරදක්නා සමාගම් දෙකක සාකච්ඡා වලින් පසුව ප්‍රායෝගිකව එක්වීමෙන් සෑදෙන ලද්දකි. දර්ශනය මත ආරම්භක පදනම යොදා ඇති අතර එහි සැලසුම් ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා‍වේ වේගයෙන් සිදුවන ආර්ථික සංවර්ධන ක්ෂේත්‍රය මතය. දේශයේ ආරථික දර්ශනය කරා යන ඉතා වැදගත් මාවතක් වන ව්‍යවසායකත්වය හා විදේශීය ආයෝජනය දිරිගැන්වීම උදෙසා නිර්මාණය වූ ආර්ථිකය සමගින් ශ්‍රී ලංකා සීමාසහිත අයිඩියල් මෝටර්ස් (පුද්ගලික) සමාගම සහ එහි මුලෝපායික සහකරු වන ජපානයේ සීමාසහිත නිෂියා මොකෞ සමාගම එක්ව නව භූමිකාවක් ගොඩනගමින් අයිඩියල් ෆයිනෑන්ස් සමාගම පිහිටුවන ලදී. මෙය ස්ථාවර සංවර්ධනයක් කරා පෙරමුණ ගැනීම සඳහා ව්‍යවසායකත්වය හා විදේශීය ආයෝජනය දිරිමත් කරන්නාවූ මහා පරිමාන සැලසුම් මගින් වානිජ කේන්ද්‍රයක් වීමේ ශ්‍රී ලාංකේය දර්ශනය උදෙසා ඉමහත් රුකුලක් වනු නොඅනුමානය. රටෙහි මුල්‍යමය ක්ෂේත්‍රය මෙන්ම ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව හා අන්තර්ජාතික් මුල්‍ය අරමුදල ඇතුළු ලෝක ප්‍රකට ප්‍රවීණයන් විසින් මෙහෙයවන ලද ස්වාධීන මතයන් හා විශ්ලේෂණයන් හදාරා ඇති අයිඩියල් ෆිනෑන්ස් සමාගම තිව්‍ර ආයෝජනයන්, ණය පහසුකම් හා ඉතුරුම් ප්‍රචලිත කිරීම උදෙසා පියවර ගෙන ඇති අතර එය මුල්‍යමය උද්‍යෝගයක බලවේගයක් වන්නේය.

විදේශීය න්‍යායන් හා දීර්ඝ කාලීන ණය ආයෝජන හා උපාය මාර්ගික සැලසුම් දක්ෂ ලෙස යොදාගනිමින් අනාගත සිදුවීම් ඉලක්ක කරගන්නාවූ ප්‍රායෝගිකව සලකා බැලෙන ව්‍යාපාර සැලසුම් මගින් ලියාපදිංචිව ඇති මුල්‍යමය සමාගම් අංශයේ වර්ධනය වේගවත් කිරීමේ අරමුණින් අයිඩියල් ව්‍යාපාර ආකෘතිය නිර්මාණය කර ඇත. රටේ ප්‍රධාන පලාත් වල පිහිටා ඇති ශාඛා නවය මගින් අයිඩියල් ෆිනෑන්ස් සමාගම තම ක්ෂේත්‍රයෙහි ප්‍රවීණත්වය ස්ථාපනය කිරීමට සැලසුම් යොදා ඇත. සාර්ථකත්වය කරා යන ගමනට අවශ්‍ය ශක්තිය හා ධෛර්්‍යය දෙමින් මෙහෙයවනු ලබන්නේ ආයතන ප්‍රධානීන්ගෙන් සැදුම් ලත් පාලනාධිකාරිත්වයෙනි.‍